දියේ ගිලී අවුරුදු 15ක දරුවෙක් අතුරුදන්

Share

පානකුල මුහුදු තීරයේ දිය නෑමට ගිය දරුවෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බවට පානම පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ වයස අවුරුදු 15 ක් වු සුමේද මාවත, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

මොහු ගනේමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ භික්ෂූන් වහන්සේලා පිරිසක් හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ පැමිණ දිය නාමින් සිටිය දී දියේ ගිලී අතුරුදහන්වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, පානම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් හා ප්‍රදේශ වාසීන් එක්ව අතුරුදහන් වූ දරුවා සෙවීමේ කටයුතුවල නිරතව සිටී.

Read more

Local News