පාලනයෙන් ගිලිහුණු යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට

Share

කුරුණෑගල පුත්තලම මාර්ගයේ ඇතව ප්‍රදේශයේ දී කුරුණෑගල දෙස සිට පුත්තලම දෙසට ධාවනය වු යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු වාරියපොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 26 ක් වූ වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාරියපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබනවා.

Read more

Local News