පහළ වායු ගෝලයේ කැළඹිලි තත්ත්වයක් හටගෙන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් ඉදිරියේ දී වැසි වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
මේ අතර වැසි සහිත කාලගුණයත් සමඟ බස්නාහිර පළාතෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය නලීන් ආරීයරත්න පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ද ප්‍රදේශ ගණනාවකම ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි.



