දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Share

දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වවුනියාව, කිලිනොච්චි, මන්නාරමසහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දකුණ, ඌව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News