අහුංගල්ල පොලිස් වසමේ මෝදරවත්ත මාදු ගං මෝයෙහි දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා.
අතුරුදහන් වූ සිසුවා වයස අවුරුදු 13 ක් වූ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බවයි වාර්තා වන්නේ.
අතුරුදන් සිසුවා පවුලේ සාමාජිකයින් සමඟ බලපිටිය ප්‍රදේශයේ පිහිටි පියාගේ නිවසට පැමිණ සිටි අවස්ථාවේ තවත් තරුණයින් දෙදෙනෙකු සමඟ ක්‍රිකට් ක්‍රිඩා කිරීම සදහා යන බවට නිවැසියන්ට දන්වා මාදු ගං මෝයේ දිය නෑමට ගොස් සිටිය දී මෙලෙස දියේ ගිලී අතුරුදහන්ව ඇති බවට විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.



