මඩකලපුව පොලිස් වසමේ කල්ලඩි පාලම ආසන්නයේ කලපුව අසල තිබී පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමු වී තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
මෙම පුද්ගලයා වයස අවුරුදු 60 – 70 ක් පමණ වන උස අඩි 05 අඟල් 05 ක් උසැති පිරිමි පුද්ගලයෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



