ගාල්ල මාතර මාර්ගයේ හරිත උද්‍යානය අසල දී මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ බස් රථයක් හා ගාල්ල දෙස සිට මාතර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු හා පිටුපස අසුනේ ගමන් කල තිදෙනෙකු කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පිටුපස අසුනේ ගමන් කල එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 28 ක් වන තුර්කි ගම්මානය, මිදිගම, අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.