ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘතයි

Share

ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමග ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ජලාශයේ වාන් දොරටු 6ම අඩියක් බැගින් විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් ජලාශයට පහළ කිරිඳි ඔය දෙපස පහත්බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් දැනුම්දී තිබෙන්නේ.

Read more

Local News