දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පුද්ගලයෙක් මරුට

මොරගොඩ පොලිස් වසමේ මහමීගස්වැව ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක දී පුද්ගලයින් සිව් දෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා දඹුල්ල සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

පොළොන්නරුව රෝහලට ඇතුලත් කළ එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 36 ක් වන ආසිරිගම, නාමල්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Previous articleකැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා තිබූ පීඨ 2ක් අද සිට යළි විවෘතයි
Next articleලොරි රථ අනතුරකින් තරුණයෙක් මරුට