ලොරි රථ අනතුරකින් තරුණයෙක් මරුට

Share

ගාල්ල කොළඹ මාර්ගයේ අම්බලන්ගොඩ නගරයේ දී කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වු ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ දකුණට ධාවනය වී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ඉදිරිපස ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ලොරි රථ දෙකෙහි රියදුරන් හා සහයකයෙකු බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ලොරි රථ රියදුරෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 20 ක් වු මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News