2023 දෙසැම්බර් 18, කොළඹ: ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ගුවන් යානා සඳහා පරිසර හිතකාමී බුමුතුරුණු (Green Carpet) හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
ස්විට්සර්ලන්තයේ “Lantal Textiles” ආයතනය විසින් නිපදවනු ලබන මෙම හරිත බුමුතුරුණු, ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම තුලින් සිදුවන පාරසරික බලපෑම අවම කර ගැනීමට උපකාරී වේ.
හරිත බුමුතුරුණු (Green Carpet) සැහැල්ලු බරින් යුක්ත වන අතර භාවිතයෙන් ඉවතලන ධීවර දැල්, ප්ලාස්ටික් සහ රෙදි කැබැලි වැනි දෑ ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් සකසන ලද විශේෂිත නයිලෝන් වර්ගයකින් නිපදවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අනෙකුත් නයිලෝන් වර්ග නිෂ්පාදනයට වඩා ඉන්ධන හා ජලය අවමව භාවිතා වීම ද සුවිශේෂීයි.
මෙවැනි සැහැල්ලු බුමුතුරුණු භාවිතය තුලින් ගුවන් යානා පියාසර බර සහ ඉන්ධන පරිභෝජනය අඩු වන අතර එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන 21 ක පමණ ඉතිරියක් ලබාගත හැකිය.
එසේම වාර්ෂිකව පාරසරික බලපෑම ද ටොන් 248.79 කින් පමණ අඩුවනු ඇතැයි පුරෝකතනය කර ඇත.




