රිය අනතුරකින් කාන්තාවක් මරුට

Share

කොළඹ කුරුණෑගල මාර්ගයේ පොතුහැර ප්‍රදේශයේදී කුරුණෑගල දෙස සිට පොල්ගහවෙල දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කල පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව හා යතුරු පැදිකරු කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පදික කාන්තාව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 70 ක් වන මැල්වත්ත, පොතුහැර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News