කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් ජනවාරි 1 සිට ක්ෂණික දුරකථන අංකයක්

Share

පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය අනෙකුත් අපරාධ සම්බන්ධ සිදුවීම් හා විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ළමුන් මුහුණ දෙන හිරිහැර සහ පීඩාවන් සම්බන්ධව ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මගින් ක්‍රියාත්මක වන ක්ෂණික දුරකථන අංකයක් ජනවාරි පළමුවැනිදා සිට හඳුන්වා දීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

විෂය භාර අමාත්‍ය ටිරාන් අලස්ගේ විශේෂ උපදෙස් හා මග පෙන්වීම පරිදි, වැඩ බලන පොලිස්පතිතුමාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ක්ෂණික දුරකථන අංකය මගින් දිවයිනේ ඕනෑම ස්ථානයක සිට ඕනෑම භාෂාවකින් තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳ දැනුම් දීමේ හැකියාව පවතී.

පොලිස් කාන්තා නිලධාරිනියන් විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක කරන මෙම ඇමතුම් මධ්‍යස්ථානය හරහා කාන්තාවන්ට හා ළමුන්ට වඩාත් විශ්වාසනීය ලෙස සහ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි අවශ්‍ය සේවාවන් ලබාදීම අරමුණ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පසුගියදා දකුණු පළාතේ පැවැති විශේෂ වැඩසටහන් මාලාවකට එක්වෙමින් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

Read more

Local News