හමුදා බුද්ධි අංශ තොරතුරකින් පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

මන්නාරම යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදෙන ලද තොරතුරකට අනුව මන්නාරම සින්නකඩේ ප්‍රදේශයේ නිවසක් තුළ සූක්ෂමව සගවා තිබූ ජෙලට් නයිට් පුපුරණ ද්‍රව්‍ය ටියුබ් 520, ඩෙටනේටර් 354 සහ සේවා නූල් රෝල් 10 සමග වයස අවුරුදු 48 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම මන්නාරම පොලිස් කොට්ඨාශ අපරාධ පරීක්ෂක කාර්යාංශය සමග එක්ව සිදු කර ඇති අතර ඉදිරි විමර්ශණ කටයුතු මන්නාරම පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

Read more

Local News