අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් කුඩාවැල්ල ධීවර වරායේ දී අපරාධ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටියදී ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 400 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වන තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශනයේ දී තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාල වරෙන්තු නිකුත්වී සිටින පුද්ගලයෙකු බවත්, තංගල්ල පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ තියුණු ආයුධවලින් පහරදි කාන්තාවක් හා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමක් සහ නිවසක් බිඳ රුපියල් ලක්ෂ හතරකට අධික දේපල සොරකම් කිරීමට අදාල අපරාධවලට සම්බන්ධ සැකකරු බවට අනාවරණය වි තිබෙනවා.

සැකකරුගේ ප්‍රකාශ මත සොරකම් කරන ලද ශීතකරණයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News