කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් කෑගල්ල හා රඹුක්කන පොලිස් වසම් වලදී සිදුකල වැටලීම් කිහිපයකදී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
19 වන දින සවස් කාලයේ රඹුක්කන පොලිස් වසමේ වහව හංදිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 778 මිලිග්‍රෑම් 260 ක්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් ජීප් රථයක්, කාර් රථයක්, මත්ද්‍රව්‍ය කිරීමට භාවිතා කල විද්‍යුත් තරාදියක්, විවිධ බැංකු මගින් නිකුත් කර ඇති අවසන් වූ සහ අවසන් නොවූ චෙක් පොත්, බැංකු කාඩ්පත්, පාස් පොත්, සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40 ක් වු මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කෑගල්ල පොලිස් වසම් පුවන්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 636 මිලිග්‍රෑම් හෙරොයින් ග්‍රෑම් 09 මිලිග්‍රෑම් 840 ක් හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් කාර් රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වු බෙරගල, කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කෑගල්ල පොලිස් වසමේ පුවක් දණ්ඩාව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කරන මුදල් රුපියල් 1,020,000/- ක්, විවිධ බැංකු කාඩ් පත් 04 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 38 ක් වු මොලගොඩ, කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සැකකරුවන් හා සැකකරිය රැදවුම් නියෝග මත කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



