පාසල් නිවාඩුව අද

Share

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

තෙවන පාසල් වාරයේ දෙවන අදියර ලබන වසරේ පෙබරවාරි මස 01 වනදා ආරම්භ වන බවද එම අමාත්‍යංශය පැවසීය.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් මෙම දීර්ඝ පාසල් නිවාඩුව හිමිවෙයි.

උසස් පෙළ විභාගය ලබන ජනවාරි මස 4 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Read more

Local News