කඳාන පොලිස් වසමේ සෙබස්තියන් මාවතේ නිවසක පුද්ගලයෙකු විදුලිසැර වැදී මියගොස් ඇති බවට කඳාන පොලිසියට ලද පණිවිඩයකට අනුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මරණකරුගේ අනන්‍යතාවය තහවුරු වී නොමැත.
මරණකරු මියගොස් සිටි නිවසේ කිසිවකු පදිංචිව සිට නොමැති අතර නිවසේ හිමිකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් සොර සතුරන්ගෙන් නිවස ආරක්ෂා කරගැනිම අපේක්ෂාවෙන් නිවසේ ජනේල වලට සිහින් විදුලි කම්බි සම්බන්ධ කර තිබී ඇති බවට අනාවරණය වී තිබෙනවා.



