නාවලපිටිය පොලිස් වසමේ ගඟබඩ දිය ඇල්ලේ පිරිමි දරුවෙකු දියේ ගිලි මිය ගොස් ඇති බවට නාවලපිටිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගිය දරුවා වයස අවුරුදු 15 ක් වූ පානබොක්ක, කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මිය ගිය දරුවා තවත් දරුවන් 04 දෙනෙකු මෙම දිය ඇල්ල නැරඹීමට ගොස් දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවට සිදු කළ විමර්ශණයේ දී අනාවරණය වී තිබෙනවා.



