යාපනයේ වෙළඳසැල් තුනක හදිසි ගින්නක්

Share

යාපනය නගරයේ ගොඩනැගිල්ලක පිහිටි වෙළඳසැල් තුනක හදිසි ගින්නක් හටගෙන ඇති බවට යාපනය පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

යාපනය පොලිසිය, යාපනය මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් රෙදිපිළි වෙළඳසැලක් හා පාසල් බෑග් වෙළඳසැලක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර යාබද පිහිටි තවත් වෙළඳසැල් දෙකකට ද හානි සිදුව තිබෙනවා.

ගින්න හේතුවෙන් ජිවිත හානි කිසිවක් සිදුව නොමැත.

Read more

Local News