උත්සව සමයේ කේක් අලෙවිය 50% කින් පහළට – බේකරි හිමියන්

Share

මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්ව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසනවා.

මෙවර උත්සව සමයේ කේක් අලෙවිය 50% කටත් වඩා අඩුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජනතාව දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වීම සහ කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීමේ දැඩි අපහසුතාවක්ද පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News