ජංගම දුරකථන මිල 35% කින් ඉහළට

Share

අද (01) සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සමිත් සෙනරත් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති පැවසුවේ හෙට සිට ජංගම දුරකථනයක මිල සියයට 35කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි.

අද සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සියයට 18කින් ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Read more

Local News