මනුෂ්‍ය ඝාතනයක්

Share

හිදෝගම පොලිස් වසමේ පහලවැව ප්‍රදේශයේ පුද්ගලයෙකුට පොරවකින් පහර දී ඝාතනය කර ඇති බවට හිදෝගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 63 ක් වූ පහල වැව, හිදෝගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු හා ඔහුගේ බිරිඳගේ සහෝදරයා එකම නිවසේ පදිංචිව සිට ඇති අතර දෙදෙනා මත්පැන් පානය කර ඇති අතර මරණකරු විසින් සැකකරුට පදිංචි නිවසින් පිටව යන ලෙසට මීට පෙර අවස්ථා කිහිපයක දී පවසා ඇති බවත්, මෙදිනද කරන ලද බැණ වැදීමක් හේතුවෙන් මෙම ආරවුල සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

Read more

Local News