අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Share

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් වීරවිල පොලිස් වසමේ අපරාධ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටිය දී ලද තොරතුරක් මත අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 36 හා 38 වයස්වල පසුවන තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයේ දී තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු 08 කට අදාල වරෙන්තු නිකුත් වී සිටින පුද්ගලයින් දෙදෙනෙකු බවත්, තිස්සමහාරාම, හම්බන්තොට, බණ්ඩාරවෙල හා වීරවිල පොලිස් ස්ථානයන්ට වාර්තා වී ඇති යතුරු පැදි සොරකම්, වාහන බැටරි සොරකම්, දේපල සොරකම් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන්ගේ ප්‍රකාශ මත සොරකම් කරන ලද යතුරු පැදි 04 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News