ඊයේ (02) දහවල් මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මිරිහාන පොලිස් වසමේ කිඹුලාවල හන්දියේ දියවන්නා ඔයට සම්බන්ධිත ඇළ මාර්ගයක තිබී නාඳුනන මළ සිරුරක් හමු වී තිබෙනවා.
නාවික හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව මෘත ශරීරය ගොඩගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව, මෘත දේහය මිය ගිය පුද්ගලයාගේ බිරිඳ විසින් හදුනා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 38 ක් වූ මාදිවෙල, කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



