යෝජිත නව විදුලි පනත අවලංගු කරන ලෙස ඉල්ලා අද (03) විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක් ආරම්භ වුණා.
අනිද්දා දිනය තෙක් මෙම විරෝධතාවය ක්රියාත්මක බවයි විදුලි වෘත්තිය සංගම් පවසන්නේ.
වෘත්තිය සංගම්වල ඉල්ලීම් සලකන්නේ නැතිව පනත සම්මත කිරීමට දින නියම කළහොත් වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි ලංකා විදුලි සේවක සංගමය ප්රකාශ කළේ.
මේ අතර ලංවීම සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



