2016 – 2017 වසර දෙක තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 26කින් වැඩිවෙයි

Share

වසර 2016 ජූනි මාසයේ ලෝක වෙළෙඳපොළේ අමෙරිකා එක්සත් ජනපද ඩොලර් 48.25ක් වූ බොරතෙල් බැරල් එකක මිල මේ වනවිට ඩොලර් 74.54 දක්වා ඩොලර් 26.29කින් වැඩිවී ඇති බවට වාර්තා වෙයි.

වසර 2016 සිට මේ වසරේ අප්‍රේල් දක්වා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සියයට 35.6 ප්‍රතිශතයකින් වැඩිවී ඇත. ඉන්දියාවේ සියයට 27.2 කින් ද, පාකිස්තානයේ සියයට 29.9 කින්ද, නේපාලයේ සියයට 17.7 කින්ද වැඩිවී ඇත.

ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ පහළ යනවිට දේශීය වෙළෙඳ පොළේ මිල තීරණය කිරීමේ ක්‍රමවේද භාවිතා කරන රටවල් වාර්ෂිකව ඉන්ධන ගෙන්වීමට කරන වියදම්වල දී අධික පාඩු හිමිනොකර ගන්නා බවටද වාර්තා වේ.

Read more

Local News