ඊයේ (04) උදෑසන තණමල්විල කහකුරුල්ලන්පැලැස්ස ප්‍රදේශයේ දී වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60ක ජූලන්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු තම කුඹුරට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටිය දී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබුණා.



