පාලනයෙන් ගිලිහුණු ලොරිය දරුවෙක් බිලිගනී

Share

නෙළුව පැලවත්ත මාර්ගයේ 09 කණුව ප්‍රදේශයේ දී යට්ටපාත දෙසට ධාවනය කල ලොරි රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් මාර්ගය අයිනේ නිවසක සිටි කුඩා දරුවෙකු බරපතල තුවාල ලබා මීගහතැන්න රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ලොරි රථයේ රියදුරු සහ සහායක ද තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මියගිය දරුවා වයස අවුරුදු 05 ක් වන 09 කණුව, සිංහරාජ උද්‍යානය, යට්ටපාත ප්‍රදේශයේ පදිංචි බවයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News