දියේ ගිලී පුද්ගලයෙක් මරුට

Share

ගිරාදුරුකොට්ටේ උල්හිටිය ජාලාශයේ වාන්දොරටු විවෘත කර තිබිය දී ගිරාදුරුකොට්ටේ සිට රත්කිඳ දෙසට ගමන් ගන්නා මාර්ගයේ සපත්තු පාලමෙන් ධාවනය කල ත්‍රිරෝද රථයක් දියේ ගසා ගෙන ගොස් තිබෙනවා.

ඊයේ (07) උදෑසන සිද්ධිය වූ ස්ථානයට මීටර් 500ක් පමණ දුරින් අදාල ත්‍රිරෝද රථය හමුව ඇති අතර, සැඩ පහරට හසුව දියේ ගසාගෙන ගිය පුද්ගලයගේ මළ සිරුර කූලාවිල ප්‍රදේශයේ තිබී හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 30 හැවිරිදි හොබරියාව, ගිරාඳුරු කොට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරාඳුරු කොට්ටේ පොලීසිය වැඩිදුර විර්මශන සිදු කරගෙන යනු ලබනවා.

Read more

Local News