ඊයේ ((07) උදෑසන සන්දිවේලි, මඩකලපුව වාලච්චේන මාර්ගයේ සිත්තන්ඩි හන්දිය අසල දී වාලච්චේන දෙස සිට මඩකලපුව දෙසට ධාවනය කල යතුරු පැදියක් පදික මාරුවකින් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60 ක සිත්තන්ඩි 04 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරින් තුවාල ලබූ යතුරු පැදිකරුද මඩකලපුව රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.



