මාරක රිය අනතුරකින් තරුණයෙකු මරුට

Share

ඊයේ (07) දහවල් ඇල්පිටිය ඕමත්ත මාර්ගයේ ඕමත්ත ප්‍රදේශයේ දී ඇල්පිටිය දෙස සිට ඕමත්ත දෙසට ධාවනය කල බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 28ක පහල ඕමත්ත, ගනේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News