වැල්ලවත්ත පොලිස් වසමේ තට්ටු ගොඩනැඟිල්ලක 08 වන මහලෙන් ඇද වැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 49 ක් වූ කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
මරණකාරිය විවාහක එක්දරු මවක් වන අතර ඇයගේ සැමියා ඊට පෙර දින පුද්ගලික කටයුත්තක් සඳහා යාපනය ප්‍රදේශයට ගොස් සිට ඇති අතර සිද්ධිය වූ දින ඇයගේ පුතා නිවසේ පාඩම් කරමින් සිටිය දී, ඇය නිවසේ තිබූ පුටුවක් රැගෙන ඉහත ගොඩනැඟිල්ලේ 08 වන මහලට ගොස් එයින් පැන ඇති බවට සිදුකල විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.



