ඊයේ (08) උදෑසන මීරිගම පස්යාල මාර්ගයේ අම්බන වත්තට හැරෙන අතුරු මාර්ගය අසල දී පස්යාල දෙස සිට පැමිණි ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කල පදික කාන්තාවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ කාන්තාව මීරිගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එම කාන්තාව 72 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.
අනතුරට අදාල ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මීරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.