හඟුරන්කෙත අධිකාරිගම මාර්ගයේ ඊයේ (09) රාත්‍රියේ හඟුරන්කෙත පොලිස් වසමේ දැවගොඩ හංදිය අසල දී අධිකාරීගම දෙස සිට හඟුරන්කෙත දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් විරුද්ධ දිසාවෙන් පැමිණි තවත් ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනා හා මගී කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කල අතර එක් රියදුරෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මිය ගොස් තිබුනේ වයස අවුරුදු 50 ක් වූ කරලියද්ද, ගෝණගතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



