පවතින වර්ෂාව හේතුවෙන් මේ වන විට මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යමින් පවතිනවා.
“ගල්ලෑල්ල පාළම” අසලින් අඩි 1 ක් පමණ පොළොන්නරුව මඩකලපුව මාර්ගය හරහා ජලය ගමන් කරන අතර පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත දැනුම් දෙනතුරු මනම්පිටිය – ගල්ලෑල්ල මාර්ගය වසා දැමීමට සිදු වන බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.



