කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා පැවසුවේ පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් මැයි 1 නිවාඩුව මැයි 7 දිනට ලබාදීමට තීරණය කර ඇති බවයි.
මේ අතර මැයි 1වෙනි දා රාජ්‍ය අංශයට මෙතෙක් ලබා දී තිබූ නිවාඩුව අවලංගුකර එය මැයි 7 ලබාදීමට රජය තීරණය කර ඇත.
මෙම නිවාඩුව රජයේ හා ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා ඇතුළු අර්ධ රාජ්‍යවලටත් එම නිවාඩුව ලබාදීමට කම්කරු අමාත්‍යාංශයේ එකඟතාව ලැබී ඇත.
කම්කරු දිනය යෙදී ඇති මැයි 1 දිනය වෙසක් සතියේ යෙදීම නුසුදුසු බව පෙන්වාදෙමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් රජයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ නිවාඩුව වෙනස් කර තිබේ.