සබරගමුව වෛද්‍ය පීඨයේ වැඩ යලි ඇරඹේ

Share

අතරමග නැවතී තිබෙන සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදි කිරීම සඳහා අවශ්‍ය රුපියල් බිලියන 40ක මුදලක් වෙන් කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

මේ වන විටත් එහි වැඩකටයුතු ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදි කෙරුණු ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පාර්ලිමේන්තුවේ දී යොමුකළ වාචික ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Read more

Local News