නිවසක බිත්තියක් කඩා වැටීමෙන් කාන්තාවක් මරුට

Share

හිඟුරක්ගොඩ අක්කර 70 ප්‍රදේශයේ, අද (11) අළුයම පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවසක බිත්තියක් කඩා වැටී එකම පවුලේ පියා, මව සහ දියණියක් තුවාල ලබා හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව අවුරුදු 23 ක කාන්තාව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලබූ පියා හා අවුරුදු 01යි මාස 06ක දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News