නවගමුවේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

Share

නවගමුව ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙම සිදුවීම ගලබොඩ වත්ත, කොරතොට ප්‍රදේශයේ නිවසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔවුන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසා නිවසේ රැදී සිටි පුද්ගලයෙකු ඔවුන් පැමිණි යතුරු පැදියේ නංවාගෙන ගොස් ඇති අතර නිවසින් බැහැරව යාමේදී නිවසියන්ට ඇති වූ සැකය හේතුවෙන් නිවැසියන් යතුරු පැදිය පසු පස ලුහුබැඳ ගොස් තිබෙනවා.

යතුරු පැදියේ නංවාගෙන රැගෙන ගිය පුද්ගලයා කොරතොට, වැලිහිංතුඩුව, මහවෙල බෝක්කුව ආසන්නයේ හිසෙහි බරපතල තුවාල සහිතව වැටී සිටිය දී, නිවැසියන් විසින් ඔහුව අතුරුගිරිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 34 ක්වූ ගලබොඩවත්ත, කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම ඝාතනය වෙඩි තැබීමෙන් සිදු වූ ඝාතනයක් බවට අනාවරණය වන අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News