විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන කාන්තාවක් අත්අඩංගුවට

Share

විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගී කාන්තාවක් අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක පවසයි.

ඇය අද අලුයම 2.30 ට පමණ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ අැත.

ඇය විසින් රැගෙන විත් තිබූ විශාල ඇදුම් අසුරන බෑගයක, මෙම ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි 20,980ක් අසුරා, සඟවා ගෙන සිටි අතර ඒවායේ මුළු වටිනාකම රුපියල් 10,49, 000 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම දුම්වැටි තොගය රාජසන්තක කර, මෙම චීන ජාතික කාන්තාවට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබෙන බවට වාර්තා වෙයි.

Read more

Local News