නව පාසල් වාරයට පෙර නිල ඇඳුම් – අධ්‍යාපන ඇමති කියයි

Share

නව පාසල් වර්ෂය ආරම්භයට පෙර පිරිවෙන් හා පාසල් සිසුන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්යය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ මෙරට චීන තානාපති ෂී ෂැං හොං විසින් චීන ප්‍රදානයේ පළමු පාසල් නිල ඇඳුම් රෙදි තොගය ඊයේ (11) දින නිල වශයෙන් ‍අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයයේ දී භාර දුන් අවස්ථාවේදීයි.

එය සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 80%ක ප්‍රමාණයක් .

මෙම ප්‍රදානයෙන් මේ වන විට මෙරටට මීටර් මිලියන 5.8ක පළමු නිල ඇඳුම් රෙදි ප්‍රමාණය, ලැබී ඇති බවත් දෙවැනි තොගය පෙබරවාරි 04 වන දා වන විට ලැබී අවසන් වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් මෙහිදී සඳහන් කළා.

මෙරටට ලැබී ඇති පළමු නිල ඇඳුම් රෙදි තොගයේ බෙදාහැරීම්වලට අදාළ කටයුතුද පසුගිය ජනවාරි 4වන දා සිට ආරම්භ කර තිබෙනවා.

Read more

Local News