මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මැතිතුමා ඊයේ(11) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගනු ලබූවා.
අනතුරුව ඈන් කුමරිය ඇතුලු පිරිස ශ්‍රී දළදා මාලිගා සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් ද තබා තිබෙනවා.