හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ දී පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 42 ක් වන පහත්ගම, හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙම ඝාතනය සාදයක් අතරතුර පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සාදය අවසන් වී එම ස්ථානයෙන් බැහැරව යන අවස්ථාවේ දී ඇති වූ පහරදීමක් හේතුවෙන් එක් අයෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඝාතනය සිදු කල සැකකරුද තුවාල ලබා ජයවර්ධනපුර රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රථිකාර ලබමින් සිටී.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



