වාරිඇලට යතුරු පැදියක් පෙරලීමෙන් තරුණයින් දෙදෙනෙක් මරුට

Share

කිලිනොච්චිය වට්ටකච්චිය මාර්ගයේ ගෝවින්දකඩ හන්දියේ ඇති වාරිඇලට යතුරු පැදියක් පෙරලීමෙන් අනතුරක් සිදුව පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයෙදී ම මිය ගොස් තිබෙනවා.

රියදුරුට යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් වාරිඇලට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය විසින් සැකකරනු ලබනවා.

මරණකරුවන් අවුරුදු 18 හා 20 යන වයස්වල පසුවන සම්බුකුලම් හා රාමනාදපුරම් ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

Read more

Local News