කළු ගඟේ දිය නාමින් සිටි තිදෙනෙක් මරුට

Share

කළුතර දකුණ හොලි ක්‍රොස් විද්‍යාලය ඉදිරිපිට ඊයේ (14) සවස කළු ගඟේ දිය නාමින් සිටි ගැහැණු ළමුන් දෙදෙනෙකු හා තරුණයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගිය දැරියන් අවුරුදු 15 හා 16 වයස්වල පසුවන කළුතර දකුණ හා දොඩංගොඩ ප්‍රදේශවල පදිංචිකාරිනියන්.

මිය ගිය තරුණයා වයස අවුරුදු 18 ක් වන දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News