මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මන්නාරම උප්පුකුලම ප්රදේශයේ දී ඊයේ (14) සවස සිදු කල වැටලීමකින් මත්කරල් 3910 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක උප්පුකුලම, මන්නාරම ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



