විදුලි සැර වැදී පාසල් සිසුවෙක් මරුට

Share

රත්තොට ගම්මඩුව ප්‍රදේශයේ දී ඊයේ (15) උදෑසන විදුලි සැර වැදීමෙන් පාසල් සිසුවෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක කළුගල්තැන්න ගම්මඩුව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

පාසලේ තැඹිලි කැඩීමට යාමේදී, තවත් සිසුවෙකු ඔහුට ලබා දුන් ආධාරකයක් අධි බලැති විදුලි රැහැනක ගැටීම හේතුවෙන් සිසුවාට විදුලි සැර වැදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News