රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

පේරාදෙණිය ගම්පොල මාර්ගගයේ කුරුඳුවත්ත සිට ගඟේතැන්නවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයක මැටල් පටවා ගෙන ගිය ලොරි රථයක් වෙනත් වාහනයකට
ඉඩ ලබාදීම සඳහා පිටුපසට ධාවනය කිරීමේ දී එයට සහය දැක්වූ පුද්ගලයා ලොරි රථයට යට වී අසල තිබූ තාප්පයට සිර වී අනතුරක් සිදුවී තිබෙනවා.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ සහය දැක්වූ පුද්ගලයා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 42 ක් වන අඟුනාවල, පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විර්මශන පේරාදෙණිය පොලිසිය මඟින් සිදු කරනු ලබයි.

Read more

Local News