CTB බස්රථ රියදුරු හෙරොයින් සමඟ අත්අඩංගුවට

Share

මහව පොලිස් වසමේ ඇල්ල මාර්ග බාධකය අසල දී කොළඹ සිට අනුරාධපුර දක්වා ගමන් ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක රියදුරු හෙරොයින් මත්ද්‍රව්‍ය 143g සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාර්ග බාධකයේ නිලධාරීන් විසින් බස් රථය පරීක්ෂා කරන අවස්ථාවේ රියදුරු අසුන අසල සගවාගෙන සිටි පාර්සලයක් පරීක්ෂා කරන අවස්ථාවේ දී මෙම මත්ද්‍රව්‍ය හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News